Ads Header

දඟකාර වලස් පැංචාගේ කෙටි නින්ද
කළු වලස් පැටවකු සවස් කාලයේ කෙටි නින්දක් සොයමින් ඇවිදින මේ අපූරු ඡායාරූප පෙළ ඔන්ටාරියෝවල ජෝර්ජියන් බේ හිදී ඡායාරූපයට නගා ඇත.

මාස පහක් වයසැති මේ වලස් පැටවා මාපල් ගස මතට නැගී නොඉවසිලිමත්ව එහා මෙයා යන අයුරු ඡායාරූපයට නගන ලද්දේ කැනඩාවේ වනජීවී ඡායාරූප ශිල්පිනී මාගන් ලොරෙන්ස් විසිනි.

දැඩි උණුසුමක් පවතින මෙදින මවත් අනෙක් සඟයනුත් ඉක්මණින් නින්දට වැටුණත් මේ පැටියාගේ වෙනසක් දක්නට ලැබුණු බව ඇය පවසයි.

කළු වලස් පැටවකු වසර දෙකක් පමණ යනතුරු සිය මව සමග ගැවසෙයි. එම කාලයේ දී ඔවුන් ජීවත් වීමේ තීරණාත්මක උපක්‍රම, ආහාර සොයන ක්‍රම, දඩයම් කරන ක්‍රම හා තමා ආරක්ෂාවන ක්‍රම පවා ඉගෙන ගනී.

මාගන් ලොරෙන්ස් පවසන්නේ වලස් පවුලක් ඡායාරූපයට නැගීම ජීවිත අවදානමට ලක්විය හැකි අවස්ථාවක් බවයි.

''අප සිතා සිටිනවාට වඩා ඔවුන් ඉතා ක්‍රියාශීලීයි. මා සිටියේ ඔවුන්ට අඩි 20ක් පමණ ඈතින්. මෙවැනි ඡායාරූප ගැනීමේ දී ඔවුන් ගසින් බහින වේලාව ගැන අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්. කිසි විටකත් මව සහ පැටවුන් අතරට මැදි වීම නොකළ යුත්තක්. එවැනි අවස්ථාවක් වුවහොත් වලස් මව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අවස්ථාව වැඩියි. "

ලෝරන්ස් පවසන්නේ මේ ඡායාරූප ගැනීමට ඇයට පැය දෙකක් පමණ ගත වූ බවයි





 
26 Aug 2014

Advertisement

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top